Friday, February 8, 2013

ප්‍රොජෙක්ටරය සහිත ජංගම දුරකථනය - Samsung Galaxy Beam





ජංගම දුරකථන ක්ෂේත්‍රය අද කොතරම් දියුණුද, වර්ථමාණ ලෝකේ බොහෝ සමාගම් තිබෙන අතර  තරගකාරීත්වය නිසාවෙන් ගුණාත්මක බවින් ඉහළ, නවීන පහසුකම් සන්නද්ධ උපාංගයක් ලෝකයාට දායාද කරමින් තම අලවිය ඉහල නන්වා ගැනීම සේම ඔවුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් විශාල පර්යේශණ සිදු කරමින් නිර්මාණකරනයේ නැයැලී සිටිම නිසාවෙන් උපාංග පරිශීලක අප අතරට විවිද පහසුකම් සහිත උපාංගයන් ලැබීම නිතරම පාහේ සිදුවේ. වර්ථමාණයෙහි තාක්ෂණයේ දියුණුව බෙහෙවින්ම ඉහලය. මෙය සෑම ක්ෂේත්‍රයකටම විහිදුණු දෙයකි. වර්ථමානයේ ජංගම දුරකථන කේෂ්‍රතයට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ සමාගම් අතර තිබෙන තරගකාරීත්වය නිසාවෙනි. 


ප්‍රක්ෂේපණ යන්ත්‍රය, නැත්නම් ප්‍රෙජෙක්ටරය යනු පිරිසක් ඉදිරියේ සිදුකරනු ලබද ඉදිරිපත් කිරීමකදී නැතිවම බැරි උපාංගයක්, රේඩියෝව,කැමරාව, රූපවාහිනිය ආදී වෙනත් බහුමාධ්‍ය උපරකණ මගින් සපයනු ලබන සේවාව සාක්කුවේ දමා ගෙන යා හැකි ආකරයට සරන කර දුන් ජංගම දුරකථනයට පිං සිදු වන්නට දැන් මේ ප්‍රොජෙක්ටරයත් ජංගම දුරකථනය සමග යන යන තැන අරගෙන යන්නට පුළුවන්.

මෙයත් විප්ලවීය ජංගම දුකරථන නිපැයුම්කරුවා සැම්සුන් සමාගමේ විස්මිත නිර්මාණයකි. Samsung I8520 Galaxy Beam නම් මේ ස්මාට් දුරකථනයේ විශේෂත්වය වන්නේ එය සතුව ඇති ප්‍රක්ෂේපන උපාංගයයි. ලුමින 15 ක (15 lumens) දීප්ත අගයක් සහිත මේ ප්‍රොෙජක්ටරය අඟල් 50ක් පළලැති අධි-විභේදන රූප රාමු තිරයක් හෝ බිත්තියක් මතට ප්‍රක්ෂේපනය කරනන්ට පුළුවන්.


Samsung Galaxy Beam දුරකථනයේ විශේෂාංගයන් -:
  • 15-lumen nHD වර්ගයේ ප්‍රොජෙක්ටරය.
  • සිව් පරාස GSM සහාය (GSM 850/900/1800/1900Mhz)
  • 3G සහාය (HSDPA 14.4 Mbps, HSDPA 5.76 Mbps)
  • පික්සල 480 x 800 ක විභේදයක් සහිත වර්ණ මිලියන 16 ක් සහිත අඟල් 4 ක. TFT Capacitive වර්ගයේ ස්පර්ෂ සංවේදී තිරය.
  • 1Ghz වේගයක් සහිත ARM Cortex-A9 වර්ගයේ Dual-Core ප්‍රොසෙසරය හා Mali-400 වර්ගයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය.
  • 768 MB RAM මතකය.
  • 8GB අභ්‍යත්තර මතකය / MicroSD කාඩ් මගින් වැඩිදියුණු කල හැකි.
  • Android v2.3.6 Gingerbread මෙහෙයුම් පද්ධතිය
  • LED Flash සහිත මෙගාපික්සල 05 ක Auto-Focus කැමරාව සහ 720 වීඩියෝ පටිගත කිරීමේ හැකියාව.

Monday, February 4, 2013

ලංකාවේ පළවෙනි USSD Game එක

මොකද්ද මේ Mind Blaster?


අද දවස සුවිශේෂී දවසක්. ඔව් අද තමයි ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගෙන 65 වසරක් ගත වන දිනය. නමුත් ඒ සුවිශේෂී බවට අමතරව අද තවත් විශේෂත්වයක් ගෙන දෙන දවසක් මක් නිසාද කිව හොත් අද තමයි ලංකාවේ පළවෙනි USSD Game එක මහජනයා සඳහා නිකුත් වන දිනය. මේ වන කොටත් තරඟය ඇරඹිලා තියෙන්නේ. ඒ නිසා අද පෝස්ටුවෙන් ඒ ගැන කථා කරන්න මම හිතුවා.

මොකද්ද මේ USSD කියන්නේ?
Unstructured Supplementary Service Data  යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම ක්‍රමය ජංගම දුරකථන සඳහා භාවිතා වන ප්‍රොටොකෝලයක්. එමඟින් ඔබට දුරකථන සේවා සපයන්නා (Service Provider) හා සම්බන්ධ විය හැකි. එමඟින් තමයි ඔබගේ ජංගම දුරකථනයේ මුදල් ශේෂය වැනි දෑ පිරික්සන්නේ මෙතෙක් කලක එවැනි සේවාවන් සඳහා පමණක් මේ මෙනු ක්‍රමය භාවිතා කලත් අද වන විට ඒ ගමන් මඟ නව මුහුණුවරක් ගෙන ජංගම දුරකථන ක්‍රීඩාවක් දක්වා දියුණු වී තිබෙනවා.


කොහොමද ක්‍රීඩාව Play කරන්නේ?
මේ ක්‍රීඩාව Play කරන්න අවශ්‍ය එකම දේ තමයි Dialog සම්බන්ධතාවයක් සහිත ජංගම දුරකථනයක් ඔබ සතුව තිබීමයි. අද තිබෙන බොහෝ ක්‍රීඩා කිරීම සඳහා Smart දුරකථන අවශ්‍ය වෙනවා. නමුත් මේ සඳහා එවැනි අවශ්‍යතාවයක් නෑ. ඕනෑම වර්ගයක දුරකථනයකින් ඔබට මේ සඳහා එක් විය හැකියි. ඔබ ඒ සඳහා කල යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන් #771*671# ඇමතීම පමණයි.




මොකද්ද මේ Game එකෙන් කරන්නේ?
සරලව කිව්වොත් මේක Quiz Game එකක්. ඒ කියන්නේ ඔබට ලබා දෙනවා සතියකට ඉතාම පහසු ප්‍රශ්ණ 100. ඒ ප්‍රශ්ණ වලට වැඩිම ලකුණු ලබා ගන්න පළමු ක්‍රීඩකයා තමයි ඒ සතියේ ජයග්‍රාහකයා වන්නේ.

මොනවද ක්‍රීඩාවෙන් ලැබෙන්නේ?
ක්‍රීඩා තරග Competition ලෙස හඳුන්වන අතර මාසයකට Competitions  4 පැවැත්වෙනවා. එනම් සතියකට එකක් ලෙස.එනම් සතියකට වරක් ජයග්‍රාහකයෙක් බිහි වෙනවා. ඊට අමතරව තවත් සැනසිලි තෑගි බොහොමයක් ලබා ගන්නට පුළුවන්. සුවිශේෂීම දේ තමයි ජයග්‍රාහකයා තෝරන්නේ කුසපත් ඇදීමකින් නොවීමයි. පළමුවෙන්ම වැඩිම ලකුණු ලබා ගන්න ක්‍රීඩකයා තමයි සතියේ ජයග්‍රාහකයා. සැනසිලි ත්‍යාග සමහරක් නම් කුසපත් ඇදීමකින් දෙනු ලබනවා. ඔබට අදාල සතියේ ලබා දෙන ත්‍යගය ක්‍රීඩා මෙනුවෙන් නැරඹීමට හැකියි. මෙහිදී ඔබගේ දැනුම සඳහා තමයි මූලිකත්වයක් ලබා දී ඇත්තේ. ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට අමතරව අති මහත් දැනුමක් ඔබට ක්‍රීඩාව හරහා ලබා ගත හැකියි.

කොහොමද ක්‍රීඩාව සඳහා එකතු වෙන්නේ.
මේ ක්‍රීඩාවේ සුවිශේෂත්වය වන්නේ මෙය නිතරම සේවා දායකයාගෙන් එන පණිවිඩයක් මඟින් ක්‍රියාත්මක වීමයි.  එනිසා ඔබ ක්‍රීඩාව සඳහා එකතු වන විට තිරයේ දිස් වන උපදෙස් අනුව කටයුතු කල යුතු වෙනවා.
#771*671# අංකය අමතා ක්‍රීඩාවට එකතු වූ පසු ඔබට Mind Blaster Select the Option යනුවෙන් යම් පණිවුඩයක් දිස් වෙනවා.
1. Register
2. Help
99. Exit

මෙහිදී ඔබ පළමුවෙන් කල යුතු වන්නේ ක්‍රිඩාව සඳහා ලියපදිංචි වීමයි. මෙම ක්‍රීඩාව පුරාම ඇත්තේ මෙවැනි විධාන අනුව කටයුතු කිරීමටයි. 1 යන අංකයට අදාල වන්නේ Register යන්නයි. 99 යන්නට අදාල වන්නේ ක්‍රීඩාවෙන් ඉවත් වීමයි. ඔබ කල යුත්තේ ඔබගේ ජංගම දුරකථනයේ වම් පස ඇති Button එක ඔබා අවශ්‍ය විධානය සේවා දායකයා වෙත යැවීමයි. මේ button එක ජංගම දුරකථන වර්ගය අනුව වෙනස් වෙනවා. සමහර විට එය Send හෝ Ok යනුවෙන් දිස්වනු ඇති.

ඔබට ලියාපදිංචි වීමට අවශ්‍ය නම් කල යුත්තේ ඉහත කී මෙනුවේ 1 යන්න type කර එවීමයි. පිට වීමට අවශ්‍ය නම් 99 type කර එවීම කල යුතු වෙනවා. ලියාපදිංචි වීමේදී ඔබගෙන් යම් අංකයක් විමසනු ඇති. සෑම ක්‍රීඩකයෙකුටම ක්‍රීඩාව සඳහා එකතු වන විට අංකයක් ලබා දෙන අතර තවත් ක්‍රීඩකයෙකු මේ අංකය ඇතුලත් කර ක්‍රීඩාව සඳහා එකතු වුවහොත් අදාල අංකය හිමි ක්‍රීඩකයාට Coin 1 ලැබෙනවා. මේ coins ගැන විස්තර පසුව විස්තර කරන්නම්. ඔබ එසේ යම් මිතුරෙකු විසින් එවනු ලැබූ ආරාධනාවක් නිසා ක්‍රීඩාව සඳහ යොමු වූයේ නම් එම මිතුරා ඔබට එවූ අංකය ඇතුලත් කල යුතු වෙනවා. එසේ අංකයක් ඔබ සතුව නැති නම් මෙම පියවර skip කර ඊලඟ පියවර වෙත යොමු විය හැකියි.

මෙහිදී ඔබගෙන් විමසන්නේ user name 1 ඇතුලත් කරන ලෙසයි. මෙම user name එක මඟින් තමයි ඔබගේ මිතුරන් ක්‍රීඩාව තුලදී ඔබව හඳුනා ගනු ලබන්නේ. එනිසා මෙයට ඔබ නිතර භාවිතා කරන නමක් ලබා දිය යුතු වෙනවා. මෙම නම මින් පසු වෙනස් කල නොහැකි නිසා නම ලබා දීමේදී සැලකිලි විය යුතු වෙනවා.

නම ඇතුලත් කිරීමෙන් පසු ඔබගෙන් විමසන්නේ Subscription model 1 පිළිබඳවයි. මෙහිදී සතියකට හෝ මාසයකට ලෙස ක්‍රම දෙකකින් ක්‍රීඩාව සඳහා එකතු විය හැකියි. සතියකටම ක්‍රීඩාව ක්‍රීඩා කිරීම සඳහා ඔබට වැය වන්නේ රුපියල් 7.50 (බදු රහිතව ) වැනි ඉතා සුළු මුදලක්. මාසයකට නම් ඔබට රුපියල් 30 (බදු රහිතව ) පමණයි වැය වන්නේ. ඔබට ලබා දෙන ත්‍යාග හා සසඳන විට මේ මුදල ඉතාම සුලු මුදලක් වෙනවා.

දැන් ඔබ ක්‍රීඩාව සඳහා සූදානම්. ප්‍රශ්ණයකට තප්පර 30 ලබා දෙනවා ඔබ කල යුත්තේ තප්පර 30 ඇතුලත ඔබගේ පිළිතුරට අදාල වන අංකය මෙනු එකේ සඳහන් කර එවීමයි. ප්‍රශ්ණයක් වැරදුනොත් ඔබට coin එකක් අහිමි වෙනවා. පළමුවෙන්ම ඔබට coins 3ක් ලබා දෙන අතර ඒව අවසන් වූ විට ඔබට මිතුරන් එක් කර ගැනීමේ තවත් coins ලබා ගත හැකි. ඒ සඳහා උපදෙස් ක්‍රීඩාවේදී ලබා දෙනවා. වැඩිම මිතුරන් පිරිසක් සතියක් තුලදී එකතු කර ගන්නා ක්‍රීඩකයාටත් ත්‍යාග ලබා දෙනවා.

ක්‍රීඩාව කරමින් ඉන්නා අතර තුර සම්බන්ධතාවය බිඳ වටුනොත් මොකද කරන්නේ.?
එසේ වූ විට ඔබ නැවතත් ඉක්මනින් ක්‍රීඩාව සඳහා එකතු වන්න. මෙහිදී කිසිදු මුදලක් ඔබගෙන් අය වන්නේ නෑ. ඔබට coin එකක් අහිමි වෙන්නෙත් නෑ. මක් නිසාද යත් එම සම්බ්න්ධතාවය බිඳ වැටුණු පණිවුඩය ක්‍රීඩව සඳහා ලැබෙන නිසාය.


කුමන භාෂාවකින් තරඟ වැදිය හැකිද?
English සහ සිංග්ලිෂ් වලින් තරඟය හා සම්බන්ධ විය හැකියි. ඔබගේ භාෂාව වෙනස් කිරීම Settings මෙනුවෙන් කල හැකියි.


source by= pubudunawarathna