Saturday, December 24, 2011

නත්තල ගැන පොඩි හැදින්විමක් !!

නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus)හෙවත් නත්තල්  මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති.
නත්තල යන වචනයේ ඉංග්‍රීසි යෙදුම වන්නේ Christmas (ක්‍රිස්මස්) යන්නයි. එය "Christ's mass" (මෙහි තේරුම වන්නේ ක්‍රිස්තු තුමන්ගේ පූජාව යන්නයි) යන වාක්‍ය ඛණ්ඩයේ සංක්ෂිප්තයයි. ග්‍රීක භාෂාවෙන් ලියා ඇති බයිබලයේ නව ගිවිසුමට අනුව,  (chi) යන ඉංග්‍රීසි අකුර Christ යන වචනයේ පළමුවන අකුර වේ. 16 වන සියවසේ සිට මෙම  අකුර Christ යන වචනයේ කෙටි යෙදුමක් ලෙස භාවිතා කර ඇත. එම නිසා සමහර අවස්ථාවල දී Christmas යන්න Xmas ලෙස ලියනු ලැබේ.
 

0 comments:

Post a Comment