Saturday, March 16, 2013

DDR4 (Double Data Rate) RAM දෙගුණයකට වැඩි දත්ත හුවමාරු වේගයක්


පරිගණක පද්ධතියක් තුල හුවමාරු වන දත්තයන් තාවකාලිකව රදවා තබා ගන්නේ RAM මතකය තුලයි. මෙම RAM නැමති කුඩා කොටස තුල ගිගාබයිට් ගණනක දත්තයන් තැම්පත් කළ හැකිආකාරයට වර්ථමාණයේ දියුණු වී ඇත. පෙර පැවති SD RAM සිට DDR RAM දක්නා තාක්ෂණය දියුණු වීමෙන් අනතුරුව DDR 2 සහ DDR 3 ලෙසට දියුණු කරන ලදි. වර්ථමාණයේ බොහෝ පරිගණක පද්ධති වල දැකගැනීමට හැකිවන්නේ DDR 3 RAM තාක්ෂණයයි. මෙය මිලෙන් අඩු වීම, ඵලදායිතාවය, සුලභතාවය නිසා මෙම තාක්ෂණය ලෝකයා අතර විශාල ලෙස ජනප්‍රිය විය. වර්ථමානයේ පවතින DDR3 තාක්ෂණයද පැරණි තාක්ෂණයක් බවට පත් කරලමින් DDR4 තාක්ෂණය හදුන්වා දීමට සැම්සුන් සමාගම සහ මයිකෝන් සමාගම සූදානමින් පසුවෙයි. මීට පෙර පැවති DDR 2 සහ DDR 3 RAM තාක්ෂණය හදුන්වා දුන්නේද ප්‍රභල පරිගණක නිෂ්පාධනය සමාගමක් වන සැම්සුන් සමාගමයි.

මීට පෙර වසරේදී සැම්සුන් සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබුනේ ඔවුන් විසින් 2012 වසර අවසානයේදී පමණ DDR4 තාක්ෂණය රැගත් RAM පත් හදුන්වා දෙන බවටයි. ඒ වගේම මෙම වසරේදී මම බලාපොරොත්තුව තව තවත් අලුත් කරමින් රැම් නිෂ්පාධණ ක්ෂේත්‍රෙය් සුප්‍රසිද්ධ සමාගමක් වන මයිකෝන් (Micron) සමගම ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඔවුන්ගේ සමාගමෙන්ද DDR4 රැගත් RAM පත් මෙම වසර අවසානයේදී ලෝකයාට හදුන්වා දෙන බවයි. මේ අනුව කිව හැක්කේ වර්ෂ 2013 DDR4 තාක්ෂණය සනිටුහන් කරනු ඇති බවයි. 


සැම්සුන් සමාගම විසින් DDR4 RAM තාක්ෂණය පිළිබවට අදහස් දක්වා තිබෙන්නේ පහත අකාරයටය. මෙම DDR4 තාක්ෂණයෙන් යුතු රැම් පත් DDR3 තාක්ෂණයෙන් යුතු වූ රැම් තාක්ෂණයට වඩා දෙගුණයක වේගවත්ව දත්ත හුමමාරු කිරීමට හැකියාවක් පවතී. මෙහි දැනට ලබාගෙන ඇති දත්ත හුවමාරු කිරීමේ වේගය 2.133Gbps වන අතර, මෙය ගිගාබයිට් 4 (4 Gbps) දක්වා දියුණු කල හැකි බව සැම්සුන් සමාගමේ පර්යේෂකයින් විසින් ප්‍රකාශ කර තිබේ. දැනට පවතින DDR3 තාක්ෂණය සදහා විදුලිය 1.5 V පමණ වැය වේ. එහෙත් මෙම නව DDR4 තාක්ෂණයේදී විදුලි පරිබෝජනය අඩු කරමින් 1.2 V විදුලි ධාරිතාවයක් මෙයට ලබාගනී. මේ නිසා DDR3 තාක්ෂණයට වඩා 40% ක විදුලි පිරිමැසුමක් ලබාගත හැකියි. මෙම DDR4 RAM සදහා Pseudo Open Drain (POD) තාක්ෂණයද භාවිත කර තිබේ. එමගින් දත්ත ලිවීමේදී හා කියවීමේදී DDR3 තාක්ෂණයට වඩා 50% ක් විදුලිය ඉතිරි කර් දීමට සමත් බවයි. 


මයිකෝන් සමාගම විසින් නිෂ්පාධනය කරන DDR4 තාක්ෂණයෙන් යුතු RAM පත් පිළිබදව ඔවුන්ද අදහස් දක්වා තිබේ. 30nm තාක්ෂණය මත පදනම්ව නිර්මාණය කෙරෙන මෙම DDR4 මොඩියුලය නොයෙක් පරිගණක සදහා ගැලපෙන ආකාරයෙන් RDIMMs, LRDIMMs, 3DS, SODIMMs සහ UDIMMs ලෙස මාදිලි රැසකින් නිෂ්පාධනය කරනු බවයි. මෙහිදී තත්පරයට මෙගාබයිට් 2400ක් (2400 Mb/s) තරම් වූ විශාල දත්ත සම්ප්‍රේශණ වේගයකින් මෙය අන්තර්ගත වන අතර, මෙය ඉදිරියේදී 3200 Mb/s දක්වා දියුණු කිරීමට හැකි බව මයිකෝන් සමාගම විසින් ප්‍රකාශ කර තිබේ. මෙහිද සැම්සුන් සමාගමේ සේම විදුලි පරිබෝජනය 1.2V දක්වා අඩු කර තිබීම විශේෂයි. මේ නිසාවෙන් පරිගණක උපාංග සදහා වැය වන විදුලි ප්‍රමාණය සුළු වශයෙන් හෝ අඩුවේවි. 



වර්ථමාණයේ පවතින DDR3 RAM තාක්ෂණයේදී 512MB සිට 8 GB දක්වා පැවති මතක පැතහි ධාරිතාවය මෙම නව DDR4 මතක පතහි ධාරිතාවය 2GB සිට 16GB දක්වා වැඩිවී තිබේ. Clock Speed එක පෙරට වඩා දෙගුණ වී ඇති අතර උපරිම අගය 1600MHz ලෙස දක්වා තිබේ.

වර්ෂ 1997 දී SD තාක්ෂණයේ සිට DDR තාක්ෂණය කරා රැගෙන ආ සැම්සුන් සමාගම 2001 වර්ෂයේ දී DDR2 ද, 2005 වර්ෂයේදී DDR 3 RAM ද ලෝකයාට හදුන්වා දුනි. 2012 වර්ෂයේදී DDR4 RAM හදුන්වා දීමට සැම්සුන් සමාගම සේවා මයික්‍රෝන් සමාගමත්, සැම්සුන් සමාගමත් සූදානමින්. මෙම තාක්ෂණයන් ලොකයට හදුන්වා දුන්නත් අප සතු පරිගණක පද්ධති සදහා එකතු වීමට නම් අවම වසර එකක් හෝ දෙකක් ගතවේවී. RAM නිෂ්පාධයෙන් අනතුරුව ඒ හා ගැලපෙන පරිගණක මව්පුවරු නිෂ්පාධනය කල යුතුයි. ඒ මගේම මම DDR4 තාක්ෂණයෙන් යුතු රැම් පත් ඉදිරියේදි ටැබ්ලට් පී.සී සහ ජංගම දුරකථන සඳහාද නිෂ්පාධනය කරන බව ඔවුන් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව අනාගත ලෝතේ දත්ත හුවමාරු වේගය සේම තාවකාලික මතකයද වර්ථමානයට වඩා බොහෝ සෙයින් වැඩි වේවි. එහෙත් මිල ගනන් ගැන තාම තොරතුරුක් නැහැ.
source=pariganakalipi.blogspot

Friday, March 1, 2013

2013 වසරේ ජනප්‍රියම ගැජට් එක

Google project glass


මේ වන විට තාක්ෂනික ලොකයට අලුත් ගැජට්ස් වගේම තියෙන ගැජට්ස් වල අලුත් සංස්කරන සැම මොහොතක් පාසාම එකතුවෙයි. ඔය එකතුවේන ගැජට්ස් අතරේ මේ අවුරුද්දෙදි වඩාත් ජනප්‍රියත්වයට පත් වෙ යැයි අපෙක්ෂා කරන ගැජට් එක ලෙස සමික්ශන ආයතන පෙන්වා දෙන්නේ Google project glass ගැජට් එකයි. අපි ඒ ගැජට් එක ගැන ටිකක් හොයලා බලමු.



Google project glass එක Google සේවා පහසුවෙන් ලබාගන්නට පහසුකම් සපයන ඇස් පලදනාවක් ලෙස තැනු ගැජට් එකකි. මේ ඇස් පලදනාව අපි එදිනේදා බාවිතා කරන ඇස් පලදනාවේන් ටිකක් වෙනස් වෙයි. මෙහි ඇත්තේ එක් ඇසකට පමනක් වන සෘජුකොනාස්‍රාකාර ගනකම් කන්නාඩියකි.  එ කන්නාඩියට පසකින් කැමරා කාචයක් ද සවිකර ඇත. ඒ ගනකම් glass එක තුලින් බැලු විට වට පිටාවේ ඇති දෙවල් පසුබිම ලෙස පෙනෙන එනම් විනිවිද පෙනෙන දැවැන්ත screen එකක් පෙනෙයි. එම screen එකෙ google සේවා ලබා ගන්න්නට තිබෙන icons දැක ගත හැකියි. එ icons  හසුරුවන්න ට වෙන්නේ ඇසේ බැල්ම ආධාර කරගේනයි. එනම් අපි mouse එකෙන් හා key bourd එකෙන් කරන කාර්යන් මේ අධි තාක්ෂනික ඇස් පාලදනාව පැලදගත් විට ඇසේන් කරන්න පුලුවන්. එ අනුව Google search, Google+,youtube Google maps.... වැනි google සපයන සෙවා මේ කන්නාඩියේන් පහසුවෙන් ලබාගන්න පුලුවන්. මේ කන්නාඩියේ OS එක ලෙස android භාවිතා වෙයි.


google glass එකෙන් බැලුවාම පෙනෙන විදිහ.

google සේවා ඔක්කොම දෙන්නේ online නිසා මේ project glass එක ක්‍රියාත්මක කරන්න නම් wireless network එකක් ඔනේ වේනවා.  මේ නිසා දැන් new york වල google වල අනුග්‍රහයේන් නගරයම WiFi කරලා. මෙ නිසා new york වල ඔනැම තනක ඉදන් නොමිලේම ඔනැකේනෙක්ට WiFi use කරල internet use කරන්න පුලුවන්ලු.

දැන් මේ  project glass එකෙ glass explore edition එක US developers ලාට pre-order කරලා 1500$ කට ගන්න පුලුවන් හැබැයි මේ ගැජට් එක සාමාන්‍ය වේලදපොලට දාන්නෙ 2014ලු. මොනවා උනත් මේ google project glass එකෙ තියෙන ආකර්ශනිය බව නිසා ම ඉතා සිග්‍රයෙන් ජනප්‍රිය වේවි.