Saturday, December 24, 2011

නත්තල ගැන පොඩි හැදින්විමක් !!

නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus)හෙවත් නත්තල්  මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති.
නත්තල යන වචනයේ ඉංග්‍රීසි යෙදුම වන්නේ Christmas (ක්‍රිස්මස්) යන්නයි. එය "Christ's mass" (මෙහි තේරුම වන්නේ ක්‍රිස්තු තුමන්ගේ පූජාව යන්නයි) යන වාක්‍ය ඛණ්ඩයේ සංක්ෂිප්තයයි. ග්‍රීක භාෂාවෙන් ලියා ඇති බයිබලයේ නව ගිවිසුමට අනුව,  (chi) යන ඉංග්‍රීසි අකුර Christ යන වචනයේ පළමුවන අකුර වේ. 16 වන සියවසේ සිට මෙම  අකුර Christ යන වචනයේ කෙටි යෙදුමක් ලෙස භාවිතා කර ඇත. එම නිසා සමහර අවස්ථාවල දී Christmas යන්න Xmas ලෙස ලියනු ලැබේ.
 

Thursday, December 22, 2011

ලොවෙත් නැති google වැඩ කෑලි

අපි සාමාන්‍යයෙන්  දැකල තියන google එකට වඩා වෙනස් පට්ට වැඩ කෑලි ටිකක් තියනව.සමහරු මේක දන්නවත් ඇති. මේ ඒවා.

1.Google gravity
  google
එකට ගිහින් Google gravity  කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
  
මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

2.Epic Google
   google
එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
   
මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම

3.Weenie Google
  google
එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
   
මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම

4.Elgoog
   google
එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
   
මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම

5.Google Hacker
   google
එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න
   
මෙන්න google එක hack වෙලෝ

6.Play PacMan on Google
   google
එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික්
  
කරන්න
   google 
එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?

7.Do a Barrel Roll
   google 
එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.

8.Tilt
     google 
එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව

9.  Google Sphere
     google
එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.

10.www.googleloco.com

Wednesday, December 14, 2011

ප්‍රොසෙසරය ගිනි ගනී ද?

    ප්‍රොසෙසරය (processor) යනු පරිගණකයේ ඇති වැදගත්ම උපාගගයකි. ප්‍රොසෙසරයක් මිළ දී ගැනීමේ දී බොහෝ දෙනා එහි වේගය, නිෂ්පාදන ආයතනය, එහි ක්‍රියාකාරීත්වය හා විශේෂයෙන් ම මිළ පිළිබඳව අවධානය යොමු කරයි. මෙම ප්‍රොසෙසරයේ උෂ්ණත්වය පාලනය ඉතාමත් වැදගත් කරුණකි. මෙහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ දී දැරිය හැකි උපරිම වේගය 95c (සෙල්සියස් අංශක 95) කි. ඊට අමතරව මෙම උෂ්ණත්වය 70-90c අතර අගයක් ගන්නා අවස්ථා ද ඇත


පරිගණකයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමට ප්‍රොසෙසරයේ උෂ්ණත්වය කෙළින්ම බලපායි. විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා ක්‍රියාත්මක කරන අවස්ථාවල හා වෙනත් ක්‍රියාවක් කිරීමේ දී පොසෙසරයේ බලපෑම නිසා පරගණකය Restart වීම හෝ සම්පූර්ණයෙන් ම ක්‍රියාවරහිත වීමට පුළුවන. ඔබ දැනටමත් මෙම අත්දැකීම්වලට මුහුණ දී තිබෙන්නට ඇත. මේ නිසා ම ප්‍රොසෙසරයේ උෂ්ණත්වය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතු ය. 
    මීට හේතු වශයෙන්, පළමුව පරිගණකය තබා ඇති ස්ථානය පිළිබඳව අවධානය යොමු කරන්න. එයට හෙඳ වාතාස්‍රය ලැබෙන පරිදි වට පිටාව සකස් කළ යුතු වෙයි. පරිගණකයේ උෂ්ණත්වය පිටතට යාම අවහිර කරන කබඩ් හෝ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ඇත්නම් ඒවා අවම කරන්න. විශේෂයෙන් පරිගණකයේ විදුලි පංකා හරිහැටි ක්‍රියාත්මක වේ දැයි පරික්ෂා කරන්න. දැනට පවතින විදුලි පංකා උෂ්ණත්වය පාලනය කිරීමට අපෙසෙත් වේ නම් ඒ සඳහා අමතර පංකාවක් සවි කරීම යෝග්‍ය වේ. මේ පහසුකම බෙහෝ පරිගණකවල සපයා ඇත. ඇතැම් පරිගණකවල මිළ පාලනය කිරීම නිසා තත්වයෙන් බාල පංකා භාවිතා කර ඇත්නම්, ඒ සඳහා උසස් තත්වයේ පංකා භාවිතා කරන්න වගබලා ගන්න. පරිගණකය සිසිල් කිරීමේ ඉතා හොඳ ක්‍රිමවේදයක් ලෙස water cooling ක්‍රමය හඳුන්වා දිය හැකි ය.



        ඉහත කරුණු සළකා බලා ඔබේ පරිගණකයේ සිසිලන පද්ධතිය ආරක්ෂා කර, ඔබගේ පරිගණකයත්, ප්‍රොසෙසරයත් ඉතා හොඳ මට්ටමේ පවත්වා ගන්න.