Tuesday, April 24, 2012

අඬන හැටියට ලෙඩේ හොයන්න





ඔන්න මම නැතුවම බැරි පැත්තක් ගැන අද කියන්න හිතුව. ඒ තමා කොම්පීතර් දෘඩාංග පැත්තට බර වෙන දෙයක්. ඒ තමා කොම්පීතරේ ඔන් කරද්දී එන සද්දෙන් ලෙඩේ හොයන හැටි. මේක ගැන හාඩ්වෙයාර් කරපු අය නම් ගොඩක් දන්නවා ඇති එත් එදිනෙද පාවිච්චි කරන අයටත් මේක වටිනා දෙයක් වෙයි කියල හිතෙනවා. මොකද සමහරුන්ට මැෂිම ඔන් වෙද්දී බයෝස් පෙද්දීත් බයයිනෙ.





 දැන් හැමෝම බලනවනේ මොකද මේ රෝඩ් රනර් මේකේ කොරන්නේ කියල , එකව දැම්මේ නිකන්. අද මේ කියන්න යන පොස්ට් එකටත් සම්බන්දයි අද කියන්න යන්නේ මැෂිම ඔන් වෙනකොට එන "බීප්" සද්දෙන් ලෙඩ හොයන හැටි.
හැමෝටම ඇහෙනවා ඇතිනේ තමන්ගේ මැෂිම ඔන් කරනකොටම එනවා "බීප්" සද්දයක් එක එන්නේ මදර්බෝඩ් එකේ තියෙන පොඩි ස්පීකර් එකකින්. ඔය වෝනින් එහෙම එන්නෙත් එකෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන ඕනෑම කොම්පීතරයක් ඔන් වෙද්දී මදර්බෝඩ් එකේ තියෙන බයෝස් වැඩසටහන පොස්ට් කියල වැඩක් කරනවා ඒ කිවේ මේ පොස්ට් නෙමේ (Power On Self Test) කියන එක ඉතින් ඒ වැඩේ වෙද්දී    බයෝස් චෙක් කරන එක ,මැෂිමේ මෙමරි එක චෙක් කරන එක, බස් ලයින් හඳුනා ගැනීම, ඩිස්ප්ලේ එක ලබාදීම , මැෂිම බූට්‌ කරවීමවගේ වැඩ ගොඩක් මේක අස්සේ වෙනවා. ඉතින් ඔන්න ඔය ටික වෙද්දී මොකක් හරි අවුලක් වුන වෙලාවට වෙනදට එක පාරක් අඬන බීප් එක එක දිගටම ඇහෙනවා, නැත්තම් ඇහෙන්නෙම නෑ. ඔය වගේ වෙද්දී එකෙන් අපිට තියෙන අවුල ගැන හොයාගන්න පුළුවන්. එකට ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි මේ පොස්ට් එක බිත්තියෙවත් ගහලා තියාගන්න (මොකද මේවා ලොවෙත් මගෙන් විතරයි) ඊළඟට හොඳට අහගෙන ඉන්න බීප්ප්ප් එක....  ඉතින් මේ වගේ බීප් හඬ අනුව මොකේද ලෙඩේ තියෙන්නේ කියල හොයන්න හාඩ්වෙයාර් අයියලත් පාවිච්චි කරන වගුවක් තමයි මේ දෙන්න යන්නේ 


  • කෙටි බීප් හඬක් - පද්දතියේ දෝෂ නැත
  • බීප් හඬ නෑ - පවර් එකේ හරි මදර්බෝඩ් එකේ හරි දෝෂයක්
  • නොනවතින බීප් හඬ - බල සැපයුම, මවු පුවරුව, යතුරු පුවරුව කියන තුනේ අවුලක්
  • නැවත නැවත මතුවන කෙටි බීප් හඬ -මතකය පිලිබඳ දෝෂයක්
  • එක දිග බීප් හඬක් හා එක කෙටි බීප් හඬක් - මදර්බෝඩ් එකේ අවුලක්
  • එක දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ දෙකක් - ඩිස්ප්ලේ ඇඩප්ටර් දෝෂයක්
  • එක දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් - ග්‍රැපික් ඇඩප්ටර් අවුලක් 
  • දිග බීප් හඬ තුනක් - කීබෝඩ් එකේ අවුලක් 
  • නොනවතින උස්‌ හා පහත හඬින් යුතු බීප් හඬ - ප්‍රොසෙසරය රත්වෙලා ලෙඩ දානවා
ඒ වගේම කෙටි බීප් හඬ දෙකක් එනවනම් ඔන්න ලෙඩ ගොඩයි , එකේ ලෙඩේ කියන්න නම් ඒ වෙලාවට ඔයාගේ ස්ක්‍රීන් එකේ එන එරර් කෝඩ් එක අනුව තමා තීරණය කරන්න වෙන්නේ ඕනෑම හාඩ්වෙයාර් කරන කෙනෙක්ට. ඉතින් ඒ එරර් කෝඩ් ගැනත් කියන්නම් (හැබැයි ඉංග්‍රීසි ) එක සිනහට වැඩිය ඉංග්‍රීසියෙන් තේරෙනවා 


  • 100 to 199 - System boards
  • 200 to 299 - Memory
  • 300 to 399 - Keyboard
  • 400 to 499 - Monochrome display
  • 700 to 799 - Maths coprocessor
  • 900 to 999 - parallel printer port 
  • 1000 to 1099 - alternate printer adapter
  • 1100 to 1299 - asynchronous (අසමමුහුර්තක ) communication device, adapter or port
  • 1300 to 1399 - Game port
  • 1400 to 1499 - color/graphics printer
  • 1500 to 1599 - synchronous (එකමවෙලාවක වෙන) communication device, adapter or port
  • 1800 to 1899 - Expansion unit
  • 2400 to 2599 - EGA system board video
  • 3000 to 3199 - LAN adapter
  • 4800 to 4999 - internal modem
  • 7000 to 7099 - phoenix BIOS chips troubleshoot 
  • 7300 to 7399 - 3.5 inch disk drive
  • 8900 to 8999 - MIDI adapter
  • 11200 to 11299 - SCSI adapter
ඔන්න  ඔහොමයි බීප් එකෙන් ලෙඩ හොයන්නේ, මේවා ඉතින් කිසිම හාඩ්වෙයාර් ටෙක්කෙක් කියල දෙන දෙයක් නෙමෙයි එතකොට ඉතින් අපේ උන් මැෂිම ගෙදරම හදාගන්නවනේ , එත් ඉතින් එයාලට හැමදාම වඳින්න බැරි නිසාත් පොඩි අවුලක් හදන්න අපිටම පුළුවන් නිසාත් තමා මේ පොස්ට් එක දැම්මේ.

මොකක්ද මේ Android කියානේ







Android කියලා කිවුවම මොනාද හිතෙන්නේ.. ම්ම්ම් උඩ බිම බලන්න ඕන නෑ..  මෙන්න තියනවා පොඩි විස්තරයක්.. ගොඩක් කට්ටිය Android වලට එච්චරම familiar නැති හින්දා තමයි මේ ලිපිය ලියන්න හිතුවෙත්

Android
කියන්නෙ Mobile phones වලට තියෙන operating system (OS) එකක්. දැනට ලෝකයෙ ගොඩක් popular උන Mobile OS එක කියල කියන්න පුලුවන්. Android කියන්නෙ Google සමාගමට අයිති එකක්. 2005 තමයි Google සමාගම Android OS එක මිලට ගත්තෙ. Android OS එක තනිකරම හදල තියෙන්නෙ Linux Kernel එක පාවිච්චි කරල.

Android
හරිම stable OS එකක්. අනිත් mobile OS වන Symbian, Apple I OS, Windows Mobile OS වගෙ නෙවෙයි මේක අපිට ඕන විදිහට costomize කරගන්න පුලුවන්. Android වල තියෙන අනිත් පහසුකම තමයි Android Market එක. එකෙ දැනට Application 100000 වඩා තියෙනව. ඒ වගෙම අපිට ඕන Application එක download කරගන්න කලින් ඒකෙ Reviews බලන්න පුලුවන් හොදද නරකද කියල හොයගන්න. ඒ වගේද අනිත් OS වල Application. ඒව වෙනම තැන්වලින් download කරල phone එකට Install කරන්න ඕන.

තව දෙයක් තමයි Android වල Security එක. මෙකෙ Blue tooth Discoverable වෙලා තියෙන්නෙ උපරිම විනඩි 2යි. ඒ වගෙම තමයි Non Market Applications මේකට දාන්නත් බෑ. හැබැයි ඕනනම් දාන්නත් option එකක් තියෙනව.

සාමාන්‍යයෙන් Android OS එක තියෙන ෆෝන් එකක් රුපියල් 11000න් අඩුවට ගන්න බෑ.  Android වල තියෙන එකම Problem එක තමයි අපි Use කරල Exit වෙන කිසිම Application එකක් Memory (RAM) එකෙන් අයින් නොවෙන එක.  ඒක Memory එකෙ Run වෙනව. මෙකට තාම Android එකෙන් විසදුමක් දීල නෑ. හැබැයි මේ විදියට Run වෙන Application Close කරන්න Android Market එකෙ Application ඕන තරම් තියෙනව.

මේ තියෙන්නෙ කාලෙන් කාලෙට ආපු Android versions ..මේ වගේ versions 6ක් දැනට release වෙලා තියෙනවා
                                                              1.1 Version - 2008-2009

                                                      1.5 Version (Cupcake) - 2009 April

                                                    1.6 Version (Donut) - 2009 Sepetember

                                         2.3
එක තමයි අලුතින්ම Release කරපු version එක. මේක හරිම ලස්සනයි වගෙම පහසුකම් එහෙම ගොඩක් වැඩි කරල හදපු එකක්.

මම දැන් කියන්නම් Android phones ගැන.

ලෝකයෙ මුලින්ම Release කරපු Android ෆෝන් එක තමයි HTC G1 කියන්නෙ. ඒක HTC සමාගමෙ නිර්මානයක්.


Vodofone 858,  Huawei U8180, Samsung Captivate, Galaxy S I9000, Galaxy S 550, Vibrant
Sony Ericsson Xperia X10, Xperia X10 min and min pro, Xperia X8, Anzu
HTC Droid Incredible, Hero, Wildfire, Evo 4G, Legend, Nexus One, HTC Desire, G2 and Magic, Motorola Moto Droid, Clix, Droid X

මේවා තමයි popular Android phones. ඒ වගේම තමයි Acer, LG වගෙ සමාගමුත් Android phones හදල තියෙනව.



Android 2.1 overview......................
........

Android 2.3 Overview......................
........


දැන් අපේ fb යාළුවො Android ගැන දැනන් හිටියේ නැති කට්ටියට Android කියන්නෙ මොකක්ද කියලා දැන ගන්න ලැබෙන්න ඇති කියලා හිතෙනවා.
මේ doc එකේන් යම්කිසි ඔබ නොදන්නා පොඩි දෙයක් හරි දැන ගත්තානම් ඒක තමයි එකම සතුට

අමාරුවෙන් පරිගණක ක්රීසඩා කරන අයට


 







ඔබ පරිගණක ක්‍රීඩා කරන්නෙක් නම්, ක්‍රීඩාව නිවැරදිව ස්ථාපනය කර ගත්තද, ක්‍රීඩාව ආරම්භ නොවේ Error Message එකක් පැමිණේ, මඳක් play කිරීමේ දී stuck වේ එසේත් නැත්නම් වැඩසටහන නැතිවී යයි. මොකද්ද මේ දෝෂය මේක මඟහරවා ගන්නේ කොහොම ද?

මුලින්ම කිවයුතුයි, ඔබ පරිගණක ක්‍රීඩා මිළ දී ගැනීමේ දී ලබා ගන්නේ එම වැඩසටහනේ පිටපතක් නම්, නැතහොත් අන්තර්ජාලය හරහා නොමිලේ බාගත කරන ලද වැඩසටහන් නම්, ඒවායේ දෝෂ තිබීමට පුළුවන. එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

ප්‍රධාන ගැටළු
මුලින්ම පරිගණක ක්‍රීඩා වැඩසටහනට අවශ්‍ය තාක්ෂණය තිබේ දැයි සැළකිලිමත් වන්න. අවශ්‍ය ප්‍රමාණයට VGA එක, RAM මතකය, ක්‍රීඩාවට ගැළපෙන මෙහෙයුම් පද්දතිය හා bit ප්‍රමාණය, CPU එකෙහි වේගය. විශේෂයන් ගුණාත්මක භාවයෙන් ඉහළ පරිගණක ක්‍රීඩා Onboard VGA මත ධාවනය නෙවන බැවින් ඒ සඳහා VGA Card එකක් ඇත් දැයි බලන්න.

Memory ගැටළු හා සම්පත් භාවිතය
අපි පරිගණකය කාලයක් භාවිතා කිරීමේ දී එහි මෘදුකාංග ස්ථාපනය වෙයි. එහි Autorun ක්‍රියාතමක වීමෙන් හාඅනවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වීමෙන් ක්‍රීඩාව ආරමිභ වීමට අවශ්‍ය Ram ධරිතාව Processor වේගය අඩුවීමනිසා ද, පරිගණක ක්‍රීඩාව crash වේ.

එසේම Hard disk එකේ ඉඩ ප්‍රමණය නොමැති වීමද බලපායි. එහි ඇති අනවශ්‍ය Files හා මෘදුකාංග ඉවත් කරDisk cleanup හා Disk Defragmenter භාවිතා කරපරිගණකයේ දත්ත ගබඩාව නිසි පරිදි සකසා ගැනීමට වගබලා ගන්න. තවද,Game Booster වැනි මෘදුකාංගයක් භාවිතා කර පරිගණක ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර අනවශ්‍ය සම්පත් හා Memory භාවිතා කරන වැඩසටහන් නවතා දැමීමට හැකියාව ලැබේ.

Video Memory හා Graphic දෝෂ

පරිගණක ක්‍රීඩාවක් ක්‍රියාත්මක වීමට Ram Memory හා Hard disk මෙන්ම VGA Card එකේ ඇතිවන දෝෂ ද, ප්‍රධන තැනක් ගනී. එනම් 128MB අවශ්‍ය පරිගණක ක්‍රීඩාවක් 64MB හී ක්‍රියාත්මක නොවේ. එසේම භාවිතය සඳහා පරිගණකයක් ගැනීමේ දී Onboard VGA පිළිබඳ අදහස අතහරින්න. මන්ද බෙහෝ පරිගණක ක්‍රීඩා සඳහා ඔන් බෝර්ඩ් වීජීඒ යෝග්‍ය නොවේ.

ක්‍රීඩා කිරීමේ දී එහි වේගය අඩු නම් option යටතේ ඇති resolution එක අඩු කරන්න. එයිනුත් ප්‍රතිඵලයක් නොමරති නම් anti-aliasing, texture quality වැනි දේ අවම කරමින් හොඳින් ක්‍රීඩා කිරීමට සකස් කර ගන්න.

වෙනත් ගැටළු 

මීට අමතරව VGA Card එකේ මෘදුකාංගය නිවැරදි නොවීම හෝ යාවත්නාලීන නොවීම. ඒ සඳහා අන්තර්ජාලයෙන් නවතම සංස්කරණයන් ලබාගත හැක. තව ද, Sound card එකෙහි දෝෂ ද බලපායි එයිදී ද sound drivers යාවත්කාලීන කරන්න.


පරිගණක ක්‍රීඩා ක්‍රීයාත්මක වීමේ දී විශේෂ තැනක් හිමිකර ගන්නා directx වැඩසටහන යාවත්කාලීන නොවේ නම් එයත් යාවත්කාලීන කිරීමෙන් බොහෝ දෝෂ මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

CPU එක අනවශ්‍ය ලෙස රත්වන්නේ නම් ද පරිගණක ක්‍රීඩාව crash වීමට ඉඩ ඇත. දෝෂය හඳුනාගෙන අවශ්‍ය නම් අමතර fan එකක් සවිකර ගන්න