Wednesday, December 14, 2011

ප්‍රොසෙසරය ගිනි ගනී ද?

    ප්‍රොසෙසරය (processor) යනු පරිගණකයේ ඇති වැදගත්ම උපාගගයකි. ප්‍රොසෙසරයක් මිළ දී ගැනීමේ දී බොහෝ දෙනා එහි වේගය, නිෂ්පාදන ආයතනය, එහි ක්‍රියාකාරීත්වය හා විශේෂයෙන් ම මිළ පිළිබඳව අවධානය යොමු කරයි. මෙම ප්‍රොසෙසරයේ උෂ්ණත්වය පාලනය ඉතාමත් වැදගත් කරුණකි. මෙහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ දී දැරිය හැකි උපරිම වේගය 95c (සෙල්සියස් අංශක 95) කි. ඊට අමතරව මෙම උෂ්ණත්වය 70-90c අතර අගයක් ගන්නා අවස්ථා ද ඇත


පරිගණකයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමට ප්‍රොසෙසරයේ උෂ්ණත්වය කෙළින්ම බලපායි. විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා ක්‍රියාත්මක කරන අවස්ථාවල හා වෙනත් ක්‍රියාවක් කිරීමේ දී පොසෙසරයේ බලපෑම නිසා පරගණකය Restart වීම හෝ සම්පූර්ණයෙන් ම ක්‍රියාවරහිත වීමට පුළුවන. ඔබ දැනටමත් මෙම අත්දැකීම්වලට මුහුණ දී තිබෙන්නට ඇත. මේ නිසා ම ප්‍රොසෙසරයේ උෂ්ණත්වය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතු ය. 
    මීට හේතු වශයෙන්, පළමුව පරිගණකය තබා ඇති ස්ථානය පිළිබඳව අවධානය යොමු කරන්න. එයට හෙඳ වාතාස්‍රය ලැබෙන පරිදි වට පිටාව සකස් කළ යුතු වෙයි. පරිගණකයේ උෂ්ණත්වය පිටතට යාම අවහිර කරන කබඩ් හෝ විශාල ප්‍රමාණයේ භාණ්ඩ ඇත්නම් ඒවා අවම කරන්න. විශේෂයෙන් පරිගණකයේ විදුලි පංකා හරිහැටි ක්‍රියාත්මක වේ දැයි පරික්ෂා කරන්න. දැනට පවතින විදුලි පංකා උෂ්ණත්වය පාලනය කිරීමට අපෙසෙත් වේ නම් ඒ සඳහා අමතර පංකාවක් සවි කරීම යෝග්‍ය වේ. මේ පහසුකම බෙහෝ පරිගණකවල සපයා ඇත. ඇතැම් පරිගණකවල මිළ පාලනය කිරීම නිසා තත්වයෙන් බාල පංකා භාවිතා කර ඇත්නම්, ඒ සඳහා උසස් තත්වයේ පංකා භාවිතා කරන්න වගබලා ගන්න. පරිගණකය සිසිල් කිරීමේ ඉතා හොඳ ක්‍රිමවේදයක් ලෙස water cooling ක්‍රමය හඳුන්වා දිය හැකි ය.



        ඉහත කරුණු සළකා බලා ඔබේ පරිගණකයේ සිසිලන පද්ධතිය ආරක්ෂා කර, ඔබගේ පරිගණකයත්, ප්‍රොසෙසරයත් ඉතා හොඳ මට්ටමේ පවත්වා ගන්න.

0 comments:

Post a Comment