Wednesday, June 13, 2012


ඔන්න යාලුවනේ මම මේ අන්තර්ජංජාලෙ සංචාරෙ කරනකොට තමා මේක හම්බුනේ. ඇත්තම කිව්වොත් වැඩ කැල්ල නම් ෆට්ට ෆට ෆට....

දැන් අපි ගොඩක් දෙනා Skype මෘදුකාංගය පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවනේ. මේ වැඩ කෑල්ල ගොඩක් වටින්නෙ Skype Account එකකට වඩා තියෙන කට්ටියටයි. එහෙම නැත්තන් එක Computer එකෙන් කිහිප දෙනෙක් Skype යන Computer එකකටයි.

ඇත්තම කිව්වොත් account දෙක තුනක් තියෙන කොට ඉතින් කොහොමත් Logout / Login වෙන්න ගියාම මල වදයක් නේ. අනික හැම තිස්සෙම Username / Password ගහන්ඩ ගියාමත් එපා වෙනවා. කොහොමත් සාමාන්‍ය ක්‍රමයට Skype Account දෙකකින් එකවැර ලොග් වෙන්ඩ බෑ නේ. ඉතින් ඒකට මේක හොඳ විසඳුමක් කියල මම හිතනවා.

මේක පොඩි මෘදුකාංගයක්. නම තමයි "Multi Skype Launcher" මේ මෘදුකාංගයෙන් කරන්නෙ අපිට අපේ Skype Account කිහිපයකටම එකවැර ලොග් වීමේ හැකියාව ලබල දෙනවා. අපිට කරන්න තියෙන්නේ අපේ Skype Account ටික කලින් අනුමත කරල තියන එක විතරයි. වැඩේ ලේසියි.

මේ මෘදුකාංගය ඕනම වින්ඩොව්ස් වර්ශන් එකක වැඩ කරනවා. හැබැයි .net framwork 3.5 මෘදුකාංගය ඕන කරනවා. වින්ඩොව්ස් 7 වලට නම් ඒක ගැටළුවක් නෑ. ඒත් XP වලට නම් .net දාන්න වෙනවා.

.NET framwork 3.5 මෙතනින් Download කරගන්න.

.NET 3.5 - 32-bit FULL version (Size: ~200MB)

මේ මෘදුකාංගෙන් වැඩ කරන හැටි මෙතනින් බලන්න (Multi Skype Launcher)

 Multi Skype Launcher මෘදුකාංගය Download කරගන්න

0 comments:

Post a Comment