Saturday, August 4, 2012

WiFi සංඥා භාවිතයෙන් බිත්ති හරහා විනිවිද දැකීම.

බ්‍රිතාන්‍යයේ University College London හි Karl Woodbridge සහ Kevin Chetty යන විද්‍යාඥයන් යම් ප්‍රදේශයක් ආසන්නයේ ඇති WiFi සංඥා භාවිතයෙන් බිත්ති හරහා විනිවිද දැකිය හැකි උපකරණයක් නිපදවා තිබෙනවා. මේ උපකරණය ඇන්ටනා දෙකකින් සහ සංඥා සැකසුම් ඒකකයකින් සමන්විත සූට් කේස් එකක් තරම් ප්‍රමාණයෙන් යුතුයි


 
සාමාන්‍ය රේඩාර් උපකරණයක් මෙන් නොව මෙය භාවිතා කිරීම සඳහා විද්‍යුත් සංඥා නිපදවීම අනවශ්‍යයි. එයට හේතුව මේ උපකරණය භාවිතා කරන්නේ එම ප්‍රදේශයේ ඇති WiFi සංඥා වීමයි. එමෙන්ම මේ උපකරණය ක්‍රියාත්මක බව කිසිම කෙනෙක්ට හඳුනා ගන්නටත් නොහැකියි.
සාමාන්‍යයෙන් WiFi සංඥා ඇති වටපිටාවකදී 2.4GHz සිට 5GHz දක්වා වූ රේඩියෝ තරංග අපේ ශරීරයේ ගැටෙනවා. අප එහා මෙහා යද්දී එම තරංග වෙනස්වීම් වලට ලක් වනවා. එම වෙනස්වීම් සියුම්ව විශ්ලේෂණය කිරීමයි මෙම උපකරණයෙන් සිදු වන්නේ. එසේ එම තරංග විශ්ලේෂණය කිරීම මගින් බිත්තියක් එහායින් ඇති සෙළවෙන වස්තු වුවත් හඳුනා ගත හැකියි.
මේ උපකරණය මගින් බිත්තියක් එහායින් ගමන් ගන්නා පුද්ගලයෙකුගේ වේගය, දිශාව, ස්ථානය හඳුනා ගත හැකියි.

0 comments:

Post a Comment