Saturday, November 10, 2012

flash drive key

මම ඉස්සර වෙලාම පැහැදිලි කරන්නම් මොකද්ද කරන්න යන්නේ කියල. අපි දොරක් ,ලාච්චුවක් වගේ එකක් ලොක් කරන්න යතුරක් පාවිච්චි කරනවනේ. යතුර නැතුව ඒක අරින්න බෑනේ. මේකත් ඒ වගේ වැඩක්. flash drive ඒක තමා computer එක ලොක් කරන යතුර. flash drive එක ගහලා තියෙන තුරු computer ඒක සාමාන්‍ය විදියට වැඩ කරනවා. බැරි වෙලාවත් ගැලෙව්වොත් computer එක ලොක් වෙනවා. නියමයි  නේද වැඩේ. password ගහ ගහ ඉන්න ඕන නෑ. flash drive එක ගැහුවා අයෙත් වැඩ පටන් ගත්තා. ඉස්සර වෙලාම මෙන්න මේ software එක බාගන්නකො. යට තියෙන ලින්ක් එකේ ඒක තියෙනවා.








 free version
එක අපිට හොඳටම ඇති. ඔයාලගේ computer එකට ගැලපෙන එක බාගන්න.
software එක ගත්තනේ. දැන් සාමාන්‍ය විදියට ඒක install කරගන්න............. 




ඒකත් හරිනේ. දැන් software එක start කරන්න. message එකක් එයි flash drive එක සම්භන්ද කරන්න කියලා.


 
ඒකත් කරන්න. ඊට පස්සේ මතු වෙනවා මෙන්න මේ වගේ window එකක්.

මේකේ උඩම තියෙන read interval, write interval, screen darkness වල අගයන් උපරිම අඩු කරගන්න. එතකොට ලොක් වෙන්න යන වෙලාව ඉක්මන් වෙනවා. ඊට පස්සේ password කොටසේ තියෙන new password එකට ඔයාට ඕන කරන පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ create key කියන එක click  කරන්න. දැන් වැඩේ හරි. ටිකක් වෙලා ඉඳලා flash drive එක ගලවලා බලන්න මොකද වෙන්නේ කියලා. මේකේ තව තව දේවල් තියෙනවා. පාවිච්චි කරලා බලන්න. මම කරලා බැලුවා නියමෙට වැඩ කරනවා


0 comments:

Post a Comment