Tuesday, April 24, 2012

අඬන හැටියට ලෙඩේ හොයන්න





ඔන්න මම නැතුවම බැරි පැත්තක් ගැන අද කියන්න හිතුව. ඒ තමා කොම්පීතර් දෘඩාංග පැත්තට බර වෙන දෙයක්. ඒ තමා කොම්පීතරේ ඔන් කරද්දී එන සද්දෙන් ලෙඩේ හොයන හැටි. මේක ගැන හාඩ්වෙයාර් කරපු අය නම් ගොඩක් දන්නවා ඇති එත් එදිනෙද පාවිච්චි කරන අයටත් මේක වටිනා දෙයක් වෙයි කියල හිතෙනවා. මොකද සමහරුන්ට මැෂිම ඔන් වෙද්දී බයෝස් පෙද්දීත් බයයිනෙ.





 දැන් හැමෝම බලනවනේ මොකද මේ රෝඩ් රනර් මේකේ කොරන්නේ කියල , එකව දැම්මේ නිකන්. අද මේ කියන්න යන පොස්ට් එකටත් සම්බන්දයි අද කියන්න යන්නේ මැෂිම ඔන් වෙනකොට එන "බීප්" සද්දෙන් ලෙඩ හොයන හැටි.
හැමෝටම ඇහෙනවා ඇතිනේ තමන්ගේ මැෂිම ඔන් කරනකොටම එනවා "බීප්" සද්දයක් එක එන්නේ මදර්බෝඩ් එකේ තියෙන පොඩි ස්පීකර් එකකින්. ඔය වෝනින් එහෙම එන්නෙත් එකෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන ඕනෑම කොම්පීතරයක් ඔන් වෙද්දී මදර්බෝඩ් එකේ තියෙන බයෝස් වැඩසටහන පොස්ට් කියල වැඩක් කරනවා ඒ කිවේ මේ පොස්ට් නෙමේ (Power On Self Test) කියන එක ඉතින් ඒ වැඩේ වෙද්දී    බයෝස් චෙක් කරන එක ,මැෂිමේ මෙමරි එක චෙක් කරන එක, බස් ලයින් හඳුනා ගැනීම, ඩිස්ප්ලේ එක ලබාදීම , මැෂිම බූට්‌ කරවීමවගේ වැඩ ගොඩක් මේක අස්සේ වෙනවා. ඉතින් ඔන්න ඔය ටික වෙද්දී මොකක් හරි අවුලක් වුන වෙලාවට වෙනදට එක පාරක් අඬන බීප් එක එක දිගටම ඇහෙනවා, නැත්තම් ඇහෙන්නෙම නෑ. ඔය වගේ වෙද්දී එකෙන් අපිට තියෙන අවුල ගැන හොයාගන්න පුළුවන්. එකට ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි මේ පොස්ට් එක බිත්තියෙවත් ගහලා තියාගන්න (මොකද මේවා ලොවෙත් මගෙන් විතරයි) ඊළඟට හොඳට අහගෙන ඉන්න බීප්ප්ප් එක....  ඉතින් මේ වගේ බීප් හඬ අනුව මොකේද ලෙඩේ තියෙන්නේ කියල හොයන්න හාඩ්වෙයාර් අයියලත් පාවිච්චි කරන වගුවක් තමයි මේ දෙන්න යන්නේ 


  • කෙටි බීප් හඬක් - පද්දතියේ දෝෂ නැත
  • බීප් හඬ නෑ - පවර් එකේ හරි මදර්බෝඩ් එකේ හරි දෝෂයක්
  • නොනවතින බීප් හඬ - බල සැපයුම, මවු පුවරුව, යතුරු පුවරුව කියන තුනේ අවුලක්
  • නැවත නැවත මතුවන කෙටි බීප් හඬ -මතකය පිලිබඳ දෝෂයක්
  • එක දිග බීප් හඬක් හා එක කෙටි බීප් හඬක් - මදර්බෝඩ් එකේ අවුලක්
  • එක දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ දෙකක් - ඩිස්ප්ලේ ඇඩප්ටර් දෝෂයක්
  • එක දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ තුනක් - ග්‍රැපික් ඇඩප්ටර් අවුලක් 
  • දිග බීප් හඬ තුනක් - කීබෝඩ් එකේ අවුලක් 
  • නොනවතින උස්‌ හා පහත හඬින් යුතු බීප් හඬ - ප්‍රොසෙසරය රත්වෙලා ලෙඩ දානවා
ඒ වගේම කෙටි බීප් හඬ දෙකක් එනවනම් ඔන්න ලෙඩ ගොඩයි , එකේ ලෙඩේ කියන්න නම් ඒ වෙලාවට ඔයාගේ ස්ක්‍රීන් එකේ එන එරර් කෝඩ් එක අනුව තමා තීරණය කරන්න වෙන්නේ ඕනෑම හාඩ්වෙයාර් කරන කෙනෙක්ට. ඉතින් ඒ එරර් කෝඩ් ගැනත් කියන්නම් (හැබැයි ඉංග්‍රීසි ) එක සිනහට වැඩිය ඉංග්‍රීසියෙන් තේරෙනවා 


  • 100 to 199 - System boards
  • 200 to 299 - Memory
  • 300 to 399 - Keyboard
  • 400 to 499 - Monochrome display
  • 700 to 799 - Maths coprocessor
  • 900 to 999 - parallel printer port 
  • 1000 to 1099 - alternate printer adapter
  • 1100 to 1299 - asynchronous (අසමමුහුර්තක ) communication device, adapter or port
  • 1300 to 1399 - Game port
  • 1400 to 1499 - color/graphics printer
  • 1500 to 1599 - synchronous (එකමවෙලාවක වෙන) communication device, adapter or port
  • 1800 to 1899 - Expansion unit
  • 2400 to 2599 - EGA system board video
  • 3000 to 3199 - LAN adapter
  • 4800 to 4999 - internal modem
  • 7000 to 7099 - phoenix BIOS chips troubleshoot 
  • 7300 to 7399 - 3.5 inch disk drive
  • 8900 to 8999 - MIDI adapter
  • 11200 to 11299 - SCSI adapter
ඔන්න  ඔහොමයි බීප් එකෙන් ලෙඩ හොයන්නේ, මේවා ඉතින් කිසිම හාඩ්වෙයාර් ටෙක්කෙක් කියල දෙන දෙයක් නෙමෙයි එතකොට ඉතින් අපේ උන් මැෂිම ගෙදරම හදාගන්නවනේ , එත් ඉතින් එයාලට හැමදාම වඳින්න බැරි නිසාත් පොඩි අවුලක් හදන්න අපිටම පුළුවන් නිසාත් තමා මේ පොස්ට් එක දැම්මේ.

0 comments:

Post a Comment