Sunday, May 6, 2012

නොකියා එක්ක දියුණු වුන මොබයිල් පරම්පරාව


. කොතනින් පටන් ගන්නද කියලා දන්නේ නෑ

එත් ලියන්න ඕන නිසා දැන් පටන් ගන්නයි යන්නේ අපි යමු ටිකක් අතීතෙට ඔන්න එහෙනම් සීට්බෙල්ට් දාගන්න ........ හරි දැන් අපි ඉන්නේ 2003 විතර අපි යනවා පාරක ඒ යනකොට දකිනවා නොකියා 1100 ෆෝන් එකකින් කෝල් එකක් ගන්න පොරක් දැක්ක ගමන අපි කොර වෙනවා , අම්මෝ මු නම් බඩු බුලට් එකක් තමයි. සල්ලි ඇති පැලෙන්න, ඔය වගේ ඒවා හිතෙනවනෙ. ඇයි එහෙම හිතෙන්නේ ? ඒ කාලේ නෑ "ස්මාට්ෆෝන්" කියල ජාතියක්
මම හරිනේද ? ඔය ඇපල් ඇන්ඩ්රෝ කියලා දැන් තිබුනට ඒ කාලේ අය අහලවත් නෑ ස්මාට්ෆෝන් එකක් ගැන කොටින්ම කිවොත් ෆෝන් එකක ඕඑස් එකක් තියනවා කියලා කිවොත් ඒ කාලේ මැෂින් තිබ්බ උන් හිනා වෙනවා. එත් එක එහම උනා ෆෝන් වලටත් ඕඑස් ආව. කොම්පියුටර් එකකින් කරන සේරම දේවල් කරගන්න පුළුවන් "ස්මාට්ෆෝන්" කියන සංකල්පය ලෝකෙට හඳුනවලා දුන්න එක කරේ ලෝකයේ ගුණාත්මක බාවය අතින් හොඳම මොබයිල් ෆෝන් නිෂ්පාදනය කරන නොකියා සමාගමයි. මම මෙහෙම කියන්නේ හොඳ හේතුවක් ඇතිව
දැන් සමහරු හිතයි ආ ඒවා කොහෙද ඇපල් තමා ලොවෙත් එක ගහන්නේ ඇමෙරිකාවේ , ජපානේ කියල අනේ මමනම් දන්නේ නෑ කොහේ ගහනවද කියලත් :පී එත් නොකියා ජංගම දුරකතනයක ගුණාත්මක බාවය ගැන කියන්න වචන නෑ. මොකද එක නිෂ්පාදනය කෙරෙන්නේ ලෝකේ ඉහලම මානව සන්වරදනයක් සහිත රටවල්  දෙකක් වන ෆින්ලන්තය සහ හංගේරි යන රටවල් දෙකේ. ඒ වගේ රටක ඕනෑම බාන්ඩයක තියන ගුණාත්මක බාවය ලොවෙත්....

හැබැයි දැන්නම් නොකියා දුරකථන චීනයේ තමා ගොඩක් හදන්නේ කොටින්ම සොෆ්ට්ලොජික් එකේ මහලොකු අයියලත් ඒවා තමා ඔරිජිනල් කියලා විකුනන්නේ. එත් අර රටවල් දෙකේ හදන නිෂ්පාදන තවමත් තියනවා. නිකන් නෙමෙයි ගත්තොත් ලයිෆ් ටයිම් වොරන්ටි එක්ක ගන්න පුළුවන් වෙන රටකින් වගේ, ලංකාවෙනම් බෑ , මෙහෙම ලයිෆ් ටයිම් වොරන්ටි දෙන්නේ නොකියා සමාගම දන්නවා ඒවා කැඩෙන්නේ නෑ කියලා. දැන් හොඳම උදාහරණෙ මගේ මුල්ම ස්මාට්ෆෝන් එකට දැන් අවුරුදු 7ක් ගත්තේ 2005 හැබැයි රටින්. තවමත් එලස් එකට වැඩ හැබැයි ඉතින් බස් එකකවත් අරන් යන්න බෑ. එක දැන් ගෙදරට නාකි වෙනවා.

දැන් බලන්න යන්නේ ඉතිහාසය ගැන අපි ස්මාට්ෆෝන් වලින්ම පටන් ගමු. මගේ මුල්ම ස්මාට්ෆෝන් අත්දැකීම කියන්නම්කො මගේ ස්මාට්ෆෝන් එක මට ලැබෙනකොට ලංකාව මේ වගේ

  • කිලෝබයිට් එකක් ශත 5යි
  • සිම්  එකක් රුපියල් 1000 පමණ 
  • CDMA ගැන අහලවත් නෑ
  • 3G කියන්නේ මොනාද ?
  • ෆෝන් වලට ඕඑස් කොහෙද යකෝ 
  • අඩෝ මු ගාව පී2 එකක් තියෙන්නේ 128 රෑම් එකක් එක්ක සුපිරි නේ
  • ඩොන්ගල් නෑ
ඔය වගේ ගොඩක් තියනව ඒවා කියන්න කම්මැලියි. එත් ඔය තත්වේ වෙනස් කරේ නොකියා සමාගම ලංකාවටත් ආවා රුපියල් 50000 විතර ෆෝන් හැබැයි දැන් නම් ඒවා 5000 නෑ. කොල්ලෝ දියුණු වුනා N70යක් තියනවා කියන්නේ ආය ලොවෙත් නෑ දැන් ඇපල් 4 එකක් වගේ. කොහොම හරි ස්මාට්ෆෝන් සංකල්පය එන්න එන්න දියුනු උනා. කලින් ඩයලොග් ආකේඩ් එකකට ගිහින් GPRS සෙටින් දාල දෙන්න කියපුවම එකේ ඉන්න උන් උඩ බිම බලනවා. කොහොම හරි ෆෝන් එකේ කෑලි එහෙමත් ගලෝල තමයි පැය 2 විතර ඔට්ටු වෙලා දාලා දෙන්නේ එකත් ඇක්ටිව් වෙන්නේ පැය 4ක් ගියාම. ඔන්න ඕක වෙනස් කරේ ඇපල් හෝ සම්සුන්ග් හෝ නෙමයි ඒ නොකියා , ජංගම දුරකථන සේවා සමාගම් 3G දෙන්න පටන් ගත්තා එකටම මොබිටෙල් තමා. එකේ සුපිරිය කොහොමද කිවොත් මම දවසක් අපේ කොල්ලෙක්ගේ මැෂිමෙන් බානවට වැඩිය වේගෙන් පොඩි වීඩියෝ කෑල්ලක් බෑවා ටී මොබයිල් සයිට් එකෙන් අම්මෝ එකට 100 කාඩ් එකක්ම ගියා. ඉස්සර ඉතින් මැෂින් වල අය නෙට් ගියේ ඩයල් කොර කොර කියල ඕගොල්ලෝ දන්නවනේ.


ලංකාවේ සින්හල පාවිච්චි කරන්න පුළුවන් දුරකතනයක් එකටම නිෂ්පාදනය කරේ නොකියා සමාගම, ඒ වන්වන් ඩබල් සීරෝ කියල හැමෝම දන්නවනේ. ඒ වගේම ලංකාව ඇතුලත වැප් කියන තාක්ෂනය දියුණු වුනා ඉස්සර වේලි වේලි තිබුන වැප් සයිට් වලට මොබයිල් කොල්ලෝ යන්න පටන් ගත්තේ ඉතින් ඔය වැල වරකා හොයාගෙන තමා ඒ කාලේ ඒවටත් මාර මාකට් නේ. ඔය වගේ තාක්ශනේ දියුණු වුනා N73 එක ආව , ඊටත් පස්සේ පලවෙනි වින්ඩෝස් ෆෝන් එකක් තමා  N95 එකෙන් දෙන්න හැදුවේ එක නම් එච්චර සාර්ථක වුනේ නෑ. 

මමනම් කියන්නේ නොකියා ෆෝන් වල තාක්ෂනය ලංකාවේ අයට වැඩිය ඉදිරියට ගියා. එකයි දැන් ලංකාවේ ඇපල්, සෑම්සුන් වලට මැරෙන්නේ කොල්ලෝ. දැන් සමහර උන් හිතන්නේ ඇපල් එකෙන් කිව්ආර් කෝඩ් එකක් රීඩ් කරගන්න එක හෙන තාක්ශනේ කියල, එත් ඕව නොකියා අය දුන්නේ ඇපල් කිරිබොන කාලේ කියල නිග්ම එකෙන් බාකොඩ් කියවපු අපේ සමහරු දන්නවා ඇති. සේරම ස්මාට්ෆෝන් වලට මාර්ගය කපල දුන්නේ නොකියා, එක ඉතින් ලංකාව තුල නම් නොකිය එකටම වල කපාගැනිමක් වගේ.

දැන් තියන නොකියා ෆෝන් එකක් කියන්නේ මැෂිමකට වැඩිය කෙරුම් කාරයෙක්. ඉස්සර සිම්බියන් ඕඑස් එකෙන් රන් කරපු නොකියා සමාගම සිම්බියන් ඕඑස් එක ඕපන්සෝස් කරලා , වින්ඩෝස් එක්ක අත්වැල් බැඳගත්තා. දැන් ජනෙල් 8 පාවිච්චි කරන කවුරු හරි ඉන්නවනම් මට කියන්න තියෙන්නේ අෆෝ මමනම් ජනෙල් 8 පාවිච්චි කරේ උඹලා 7 පට්ට ගහද්දි කියල, ඒ මොකද මගේ බුදු ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගාව තියනවා ජනෙල් 7 ෆෝන් එකක්. එකෙන් තමා ජනෙල් 8 ගහන්න ටයිල් ඉන්ටෆෙස් එක පදනම් උනේ කියල නොකියා ඩිව්ලොපර්  ෆෝරම් එකේ ඉන්න අයනම් දන්නවා ඇති.  අනික මේ ලඟකදී ගහපු එකේ කැමරාවේ මෙගා පික්සල් ගාන මම කියන්න ඕන නැනේ. ඕනනම් සර්ච් කරලා හොයාගන්න.  එකෙන් තේරෙන්නේ මොකක්ද නොකියා කියන්නේ තාක්ෂනෙන් සැහෙන්න ඉදිරියෙන් ඉන්න සමාගමක්.ඒ තාක්ෂනය අපේ අයට තාම බෑ එකයි ඇපල් ලොවෙත්... ගැලස්සි ඉස් ද බෙස්ට් කියා කියා ඔට්ටු වෙන්නේ.

මගේ උපදේශය නම් ෆෝන් එකක් විදිහට ලොවෙත්... නොකියා. ඕඑස් එක ඉතින් ඔයාලගේ තීරණේ. ජනෙල් ද ඇපල්ද රොබෝ මිනිහ ද කියල. නොකියා ෆෝන් වලට අදාල  පොස්ට් එකක් එහෙම ඕන අය ඉන්නවනම් කොමන්ට් කරන්න විශේෂයෙන් සිම්බියන් ඕන වර්ෂන් එකක් ඈ..


copyright   

0 comments:

Post a Comment